පකිස්තානයේ ගංවතුර සහ නාය යාම් ජීවිත රැසක් බිලි ගනියි

වයඹ දිග පකිස්තානයට ඇද හැලෙන ධාරානිපාත වැසි සහ ගංවතුර තත්වයෙන් මේ වන විට පුද්ගලයන් හැත්තෑවක ප්‍රමාණයක් මරණයට පත් වී ඇති බව වාර්තා වී තිබේ.

‘කයිබර් පක්තුන්කවා’ (Khyber Pakhtunkhwa) ප්‍රදේශයේ හට ගත් නාය යාම් වලට හසු වූ පිරිස් බේරා ගැනීම සඳහා මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇත.

Image copyright Getty

නාය යාම් වලට හසුවූ පුද්ගලයන් විසි දෙනෙකුට අධික ප්‍රමාණයක් තවමත් සොයා ගැනීමට නොහැකි තත්වයක් පවතින බවයි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ.

පස් තට්ටු යට සිරවී සිටි පුද්ගලයන් හතර දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට සහන සේවකයන් සමත් වී ඇති අතර මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ මල සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ.

පකිස්තානයේ ඇතැම් ගම් වල ඇතිවූ හදිසි නාය යාම් හේතුවෙන් සමහරක් පවුල් වල සියලුම දෙනා මරුමුවට පත්ව ඇති බව වාර්තා කරුවෝ පවසති.