බංගලාදේශයේ තවත් අනාගමිකවාදී මාධ්‍යවේදියකු ඝාතනය කෙරෙයි

Image copyright Nazimuddin Samad
Image caption නසිමුදීන් සමාද් ඩකා නුවර ජගන්නාත් විශ්වවිද්‍යාලයේ නීති පීටයේ සිසුවෙකි.

බංගලාදේශයේ අනාගමිකවාදී අන්තර්ජාල මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමට එරෙහිව ඩකා අගනුවර විශ්වවිද්‍යාල සිසුන් සිය ගණනක් රැලි පවත්වමින් සිය විරෝධතාව පළ කළහ.

නසිමුදීන් සමාද් ඩකා නුවර ජගන්නාත් විශ්වවිද්‍යාලයේ නීති පීටයේ සිසුවෙකි.

පසුගිය බදාදා රාත්‍රියේ නසිමුදීන් නගරයේ වීදියක ගමන් කරමින් සිටියදී පුද්ගලයන් කණ්ඩායමක් විසින් ඔහුට පිහි ඇනුම් ප්‍රහාරයක් එල්ල කළ අතර පසුව ඔහුට වෙඩි තබා ඝාතනය කරනු ලැබුණි.

අන්තවාදී ඉස්ලාම් ධර්මය විවේචනය කරමින් නසිමුදීන් සමාද් විසින් පසුගිය කාලයේ ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ සිය අදහස් පළ කර තිබුණි.

පසුගිය වසර තුල බංගලාදේශයේ අනාගමිකවාදී බ්ලොග්කරුවන් සහ ප්‍රකාශකයන් පස් දෙනෙකු පමණ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් අතින් ඝාතනය කෙරුණි.

විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණයේ යෙදෙමින් කියා සිටියේ පසුගිය වසරේ ක්‍රියාධරයන් සහ බ්ලොග්කරුවන් ඝාතනයට වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට ක්‍රියා කළේ නම් නසිමුදීන් සමාද්ගේ ජීවිතය රැක ගත හැකිව තිබූ බවයි.

සබැඳි විෂයයන්