අනාථයන් රැගත් දෙවන යාත්‍රාව තුර්කියට පැමිණෙයි

Image copyright Reuters
Image caption ඔවුන් පකිස්තානයට පිටත් කර යැවීමට පෙර තුර්කියේ පිහිටි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ඇත.

යුරෝපයට පැමිණෙන සරණාගතයන් ගේ සංඛ්‍යාව අඩු කිරීමේ යුරෝපා සංගම් ක්‍රමවේදයට අනුව ග්‍රීසියේ සිට පිටමං කළ අනාථයන් රැගත් දෙවන යාත්‍රාව තුර්කියට පැමිණ ඇත.

ලේබෝස් (Lesbos) දුපතේ සිට දිකිලි (Dikili) වරාය දක්වා පකිස්තාන ජාතිකයන් 45 දෙනෙකු රැගත් කුඩා යාත්‍රාවක් පැමිණි බවයි වාර්තා වන්නේ.

තුර්කි පාර්ලිමේන්තුව ගත් තීරණයට අනුව ඔවුන් පකිස්තානයට පිටත් කර යැවීමට පෙර තුර්කියේ පිහිටි තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ඇත.

ග්‍රීසියේ සිටින බලධාරීන් පවසන්නේ යාත්‍රාවේ සිටින පකිස්තාන ජාතිකයන් කිසිවෙකුත් සරණාගත භාවය සඳහා ඉල්ලුම් කර නැති බවයි.

ග්‍රීසියේ සිටින අනාථයන්ට සහය පළ කරන්නන් යාත්‍රාව ඉදිරියෙන් පිහිනා ගොස් එය රැගෙන යාම නැවැත්වීමට උත්සාහ ගත් බවයි වාර්තා වන්නේ.

වැඩිවශයෙන් පකිස්තාන ජාතිකයන්ගෙන් සමන්විත පළමු කණ්ඩායමට අයත් 250 ක පමණ පිරිසක් සඳුදා තුර්කිය වෙත යවනු ලැබූ අතර තවත් දහස් ගණනක් මෙසේ යවනු ලැබීම සඳහා නියමිතව තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර